Colombo Today Local News

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

rishard badiudeenලංකා සතොස ආයතනයේ ඇති පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික්ටොන් තිස්දහසක් (30,000) සත්ව ආහාර ලෙස විකිණීමට අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අවසරය උපයෝගී කරගනිමින් එම සහල් නැවත හොර පාරෙන් වෙළෙඳපොළට යාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ සත්ව ආහාර සඳහා ලබාදීමට නියමවූ සහල් ලබාගැනීමට ඉදිරිපත්ව සිටින මිලදීගන්නන්ගෙන් බහුතරය සහල් මෝල් හිමිකරුවන්වීම නිසාය.

එබැවින් එම සහල් ඔවුන් විසින් සත්ව ආහාරවලට යැයි කියමින් මිලදීගෙන පසුව ඒවා ඔපදමා නැවත වෙළෙඳපොලට නිකුත් කිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.

මෙසේ ඉදිරිපත්ව සිටින පිරිස 15ක් බවත් මොවුන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොයුරාවන රියාජ් බදුයුදීන් මහතාගේ මිතුරන් බවත් පැවසේ.

මේ සහල්මොල් හිමියන් සත්ව ආහාර මිලදී ගැනීමේ බලපත්‍ර ඇති අය බවත්, ඔවුන් අදාල ජාවාරම් සිදුකරනු ලබන්නේ කාලයක සිට බවද සතොස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලංකාවේ ප්‍රධානම සත්ව ආහාර නිෂ්පාදකයින් වන ගෝල්ඩ් කොයින් හෝල්ඩිංග්ස් (Gold Coin Holdings) හා ප්‍රිමා (Prima) සමාගම්වලට මෙම සහල් තොග ලබා නොදීම අදාල සැකය තවත් වර්ධනය කරන්නක් වී ඇත.

කෙසේවුවද අදාල සහල් තොගය සත්ව ආහාරවලටද නුසුදුසු බව පැවසේ.

ඒ එම සහල්වලට වසරක කාලයක සිට මසකට දෙවරක් කෘමි නාශක යොදා තිබීම නිසාය.

srilankamirror.com

Related posts

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයත් චීනයට !

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday