ඓතිහාසික පොළොන්නරුව නගරයේ පිහිටි අංක 1 ශව දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර එම භූමියෙන් පොළව අභ්‍යන්තරයෙන් මීට සති කිහිපයකට පෙර හමුවූ බෞද්ධ විහාරස්ථානයක නටඹුන් අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් බව අනාවරණය වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පේරාදෙණියේදී පැවති ආගමික වැඩසටහනකදී සදහන් කළේ පුරාවිද්‍ය නිලධාරීන් මේ බව තහවුරු කළ බවයි.