හපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16 පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර ඔහු දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇතැයි පොලීසිය කියයි. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.