Colombo Today Local News

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී කපිල නුවන් මහතා අතුකෝරල මහතා පවසනවා.

විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ ජනපති රනිල්ට පමණක් බව ද ඔහු කියයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ලට ඡන්දය දුන්නත් රට කරවීමට ඔහුට පලපුරුද්දක් නොතිබුණු නිසා අරගලය හේතුවෙන් ඉවත්වීමට සිදුවීම නවක මන්ත්‍රවරයෙකු ලෙස තමන් අත්දැක්ක නරකම දේ බවද කපිල නුවන් අතුකෝරල මහතා කීය.

අරාජික වෙද්දී රට භාරගත් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටී.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

Admin

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

colombotoday

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

colombotoday

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday