Colombo Today Local News

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරිමට ගත් තීරණය නිවැරදි තීරණයක් බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ඊයේ (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔවුන් ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගත් බවත් දේශපාලනය පිළිබඳව අවධානය යොමුකළා නම් ඔවුන්ට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණ බවත් ෆීල්ඩ් මාෂල්වරයා සඳහන් කළේය.

එසේම තම පියා සිදුකළ කාර්යයන් පිළිබඳව ප්‍රකාශ කරමින් ජනතිවරණයට ඉදිරිපත්වීමට ඇතැම් අය කටයුතු කරන බවත් ඔවුන් පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

“එක් අපේක්ෂකයෙක් තමන් විසින් තමන්ව තෝරාගත් අපේක්ෂකයෙක්. එක්කෙනෙක් ෂර්ට් එකක් ඇඳගෙන ආවා තව කෙනෙක් ටී ෂර්ට් එකක් ඇඳගෙන ආවා.තාත්තලාගේ නම් විකුණනවා. තාත්තා කරපු දේවල් කරන්න පුතා එනවා කිව්වට ජනතාව රැවටෙන්න එපා.”

Related posts

වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි

Admin

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

ගම්පොළ භූකම්පනයක්

Admin

මෙරට ජනගහනයෙන් 25%කට විටමින් D ඌනතාවය

Admin

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

colombotoday