Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ ලෙස සැකසු නිල මුද්‍රා සමග නීති විරෝධී කච්චේරියක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් කොළඹ දකුණු කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු නාරාහේන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමග අත්අඩංගුවට ගත් අනෙකුත් නිල මුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ, සාම විනිසුරුවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා හා පොලිස් ස්ථානවලින් නිකුත් කරන පැමිණිලි පිටපත්වල ඡායා පිටපත් කිහිපයක්, ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් ඡායා පිටපත් කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

දකුණු කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත විවිධ අවශ්‍යතාවයන් සඳහා පැමිණෙන පුද්ගලයන් වෙත රාජ්‍ය ආයතනවලින් ලබා ගැනීමට තිබෙන ලිපි ලේඛන රුපියල් 2000 සිට ඉහළ මිල ගණන් අයකර ව්‍යාජ ලෙස සකසා දෙන බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

49 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලීසියට බාර දීමට නියමිතය.

Related posts

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday

මැයි පළමු වන දා නිවාඩු අවලංගුයි

colombotoday

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

colombotoday

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

colombotoday

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday