Colombo Today Local News

පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙයි.. කතරගම උණුසුම්

කතරගම නගරයේ දී සිදුව ඇති පොලිස් වෙඩි පහරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරන්නේ ඊයේ (20) රාත්‍රියේ මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන ඇති බවයි.

කතරගම නගරය ආසන්නයේ දී පොලීසිය විසින් යතුරුපැදියක් නතර කරන ලෙස දැනුම් දී ඇති අතර එය නොනවත්වා ධාවනය කරවීම නිසා පොලිස් නිලධාරියෙකු ඊට වෙඩි තබා ඇත.

එහිදි තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුකාරී ලෙස හැසිරී කතරගම පොලීසියටද පහර දී ඇත. එම පහරදීමෙන් කතරගම පොලීසියට දැඩි අලාභහානී සිදුවී ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

තත්ත්වය සමතයකට පත් කිරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. අදාළ වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.

Related posts

ඕමල්පේ සෝභිත හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

colombotoday

හෙට ශ්‍රී ලංකාවේ ‘නිදහස් දින විශේෂ අමුත්තා’ පූටින්ගේ සුපිරි හමුදා ලොක්කා ජෙනරාල් ඔලෙක් සල්යුකොව් !

colombotoday

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin