Colombo Today Local News

පොලිස් වෙඩි පහරින් එක් ඇසක් නොපෙනන පාරේ ගිය රාජා මිය යයි

මහ මග ගමන් කරමින් සිටි වනඅලියෙකුට පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසනවා.

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මෙම වනඅලියා වෙඩිවැදී මියගොස් ඇත.

බකමූණ වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ ඊයේ (15) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වනඅලියෙකු වන අතර ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වනඅලියාගෙන් කිසිඳු පුද්ගලයෙකුට කරදරයක් නොමැති බවයි.

බකමූණ පොලිසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලිසියේ ත්‍රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් T56 ගිනිඅවියකින් වනඅලියාට වෙඩිතබා ඇතැයි බකමූණ පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය හේතුවෙන් ඊයේ රාත්‍රී කාලයේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

Related posts

කුඔුක් කදන්වල වැවේ දිය නෑමට ගිය 7 හැවිරිදි දරුවෙක් කිඔුලෙක් ඩැහැගෙන යයි

colombotoday

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

colombotoday

කංචන තෙල් ගෙන්වූ සමාගමටම වත්මන් ආණ්ඩුවත් ඕඩර් ලබා දෙයි

Admin

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් එකටම අවසන් ගමන් යයි

Admin

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday