Colombo Today Local News

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

රටේ තැන තැන සිදුවූ කලහකාරී සිදුවීම් වැඩිවීමට ප්‍රධාන හේතුව ඒ ඒ ප්‍රදේශවල සිටින ඇතැම් පොලිස් ප්‍රධානීන්ගේ මන්දගාමී හා ඇල්මැරුණු ස්වභාවය බව වාර්තා වේ. එහිදී ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් ආර්ථික වශයෙන් යැපීම නිසා සිංහල ජනතාව අතර සැකය මතුවීම මෙම ප්‍රශ්නකාරී සිදුවීම්වලට මූලික වී ඇත.

වයඹ පළාතේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෝටර් රථ මිලටගෙන දී ඇත්තේ පස් හා වැලි ජාවාරම්කරුවන් වන අතර, ඇතැම් ඒවායේ මාසික ලීසිං වාරික මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් ගෙවන බවටද තොරතුරු ලැබී ඇත.

මීට අමතරව සිය නිවසට අවශ්‍ය මස්, මාළු, නිවාස ඉදිකිරීමට අවශ්‍ය වැලි හා ගොඩනැගිලි ද්‍රව්‍ය, පොලිස් අර්ධ වාර්ෂික, පරීක්ෂණ සඳහා අවශ්‍ය දෑ මෙම මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් ලබාගන්නා නිසා මහජනතාව එම මුස්ලිම් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ලබාදෙන තොරතුරු ගැන පොලිසිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වී ඇත.

රට තුළ ඇතිවී තිබෙන නොසන්සුන් තත්ත්වය මත සිය හිතවත්, ධනවත් මුස්ලිම් ජාතිකයන්ගේ නිවෙස්හි පැවැත්වෙන සාදවලට පවා පොලිස් ආරක්ෂාව ලබාදෙන බවට වාර්තා වෙයි.

මීට අමතරව සැක සහිත ප්‍රදේශ යුද හමුදාව පරීක්ෂා කිරීමට පෙර දින ඒ බව ඔවුන්ට සන්නිවේදනය කිරීම හා සෝදිසි කිරීම් සහ විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආහාරපාන මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් ලබාගැනීමද ඔවුන්ට එල්ලවන චෝදනා වෙයි.

සිංහල ජාතිකයන් වැඩි වශයෙන් සිටින සහ බෞද්ධ සිද්ධස්ථාන ඇති ඇතැම් ප්‍ර‍දේශවල පොලිසිවල මුල් පුටුවලට මුස්ලිම් ජාතික නිලධාරීන් පත්කර ඇති නිසාද රාජකාරියේදී සිය ජාතියට වැඩි සැලකිල්ලක් දක්වන බවටද වාර්තා වේ.

පසුගිය බදාදා සවස මාතලේ ප්‍රධාන වීදියක ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ අලෙවිසලකින් යුද හමුදාව මිලිමීටර් 9 උණ්ඩ 700ක් සොයා ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු අවස්ථා ගණනාවකදී ප්‍ර‍දේශයේ උසස් පොලිස් නිලධාරීන්ට ලබාදී ඇතත් ඔවුන් එය නොසලකා හැර ඇත.

ඇතැම් තොරතුරු රහසිගතව පොලිසියට ලබාදුන් පසුව එම තොරතුරු ලබාදුන් පුද්ගලයන් පිළිබඳව විස්තර චූදිතයන් අතට පත්වීමද සිදුව තිබේ.

පසුගිය සතියේ කුලියාපිටිය, හෙට්ටිපොළ, බිංගිරිය, නාත්තන්ඩිය, මිනුවන්ගොඩ සිදුවූ ගැටුම්වලින් නිවාස, වෙළෙඳසල්, ආගමික ස්ථාන පන්සියයකට පමණ හානි සිදුවිය. හෙට්ටිපොළ නිවාස හැත්තෑවක්, වෙළෙඳසල් හතළිහක් සහ මිනුවන්ගොඩ වෙළෙඳසල් හැටකටද හානි සිදුවී ඇත.

අරුණ.lk

Related posts

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

Admin

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

සමාජ ශාලාවේ යකා නැටූ පිරිස ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවතට !

colombotoday

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin