Colombo Today Local Newsfeatured

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වෙති

පොලිස් ගින අවියක් ක්‍රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකි හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්ව තිබේ.

හුංගම, හාතාගල ප්‍රදේශයේදී යතුරු පැදි සංචාරයෙන් යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරු පැදියක් නවත්වන ලෙස අණකර තිබේ.

කෙසේ වෙතත් එම අණකිරිම නොසළකමින් යතුරුපැදිය ධාවනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරින් විසින් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමක් සිදුව තිබේ.

මෙම පොර බැඳිම සිදුවන අවස්ථාවේදී එක් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති අතර ඒ අවස්ථාවේ ඒ අසළින් ගමන් ගත් වෑන් රථයක් තුළ සිටි හිමිනමකට මෙම වෙඩි  පහර වැදී අතර පසුව පසුව අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව උන්වහන්සේ අපවත්වී තිබේ.

Related posts

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

සියලු රජයේ පාසල් හෙට සිට නැවත ඇරඹේ

colombotoday

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

Admin

මාලක සිල්වාට ඇප

colombotoday

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

colombotoday

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday