Colombo Today Local News

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

උසස් වීමේ අනුමැතිය ලැබූ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා යන මහත්වරුන්ට පොලිස්පතිවරයා අදාළ පත්වීම් ලිපි භාර නොදෙන්නේ ඇයි දැයි ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගෙන් ලිඛිතව කරුණු විමසා තිබේ.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස් වීමේ අනුමැතිය දුන් ඔවුන් දෙදෙනාට ඊට සුදුසුකම් නැතිනම් එයද දක්වන ලෙස එම කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අදාළ ලිපිය ඉකුත් 12 වැනි දින ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ඊ.යූ. ජයසූරිය, අනුර අබේවික්‍රම, ගාමිණී පෙරේරා, පාලිත සිරිවර්ධන හා මෙවන් සිල්වා යන නිලධාරීන් පස්දෙනා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ අනුමැතිය ඉකුත් මාසයේදී ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් දෙන ලදී.

එහෙත් පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිත් අමනාප මත පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා යන දෙදෙනාට එම උසස් වීමේ ලිපි ප්‍රදානය කිරීමට අකැමැත්තක් දක්වන බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය මත පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් දැඩි අප්‍රසාදයක් මතු වෙමින් තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

ඇතුල්කෝට්ටේ – නාවල මාර්ග යා කරමින් නව පාලමක්

colombotoday

පනාමුර පොලීසියේ දී මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරයි.

colombotoday

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday