Colombo Today Local News

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නොපැළඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකු හට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී .එන් ප්‍රියදර්ශනී මහත්මිය අද (6)දින නියෝග කළාය.

ඉතිරි සැකකරුවන් 10 දෙනා හට ඉදිරි නඩු දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නව සෞඛ්‍ය නීති ඇතුළත් ගැසට් පත්‍රයට අනුව මහජන ආරක්ෂාව සඳහා මොවුන්ට විරුද්ධව නඩු පැවරූ බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්විය.

සෞඛ්‍ය නීති පිළිබඳ මහජනතාව දැනුවත් කර තිබියදීත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද හා මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ පොදු ස්ථානවල හා මහමග ගැවසුණ හොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

Related posts

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

සිංහල ව්‍යාපාර වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – දුකාගෙන් විශේෂ හෙළිදරව්වක්

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

colombotoday

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin