Colombo Today Local News

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු කීවේය.

ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.

ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්ත ශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.

මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක මහතා දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

Related posts

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin

යහපාලන රජයේ තිබෙන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – ගෝඨාභය රාජපක්ෂ

colombotoday