Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

කිලිනොච්චිය පාලවිය ප්‍රදේශයේදී පුපුරණද්‍රව්‍ය සමග තිදෙනකු ඊයේ (21)දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නිවාක විධානයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව පාලවිය ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී ධීවර වාඩියක් තුල සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් 05 ක් අඟල් 08 ක් දිග ඩෙටනේටර් කෝඩ් 02 ක් සමගින් නිවෙස්හි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල පුපුරණද්‍රව්‍ය යොදා නීතිවිරෝධීව මසුන් ඇල්ලීමට අදාල සැකකරුවන් සැලසුම් කොට ඇති බවට නාවික හමුදාව විසින් අනාවරණය කොට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය වේලනෙයි, වලෙයිපාඩු හා වීරවිල් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 31,50 සහ 57 යන වයස්හි පසුවන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ජෙයපුරම් පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

Related posts

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

Admin

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයි

Admin

ජනපති නපුරෙක්… ශ්‍රීලනිපයෙන් එජාපයට පනින අයට ඇමතිකම් නොදීම නරක වැඩක්

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday