Colombo Today Local News

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පිරිමි දරුවෙක් 2013 වසරේදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේ දී සැකකරු වරදකරු කොට තිබේ.

එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට අධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළ අතර, ඊට අමතරව රු. 10,000/=ක දඩ මුදලක් ද නියම කර ඇත.

එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 50,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ.

තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර ඇත.

Related posts

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

colombotoday

“බැදුම්කර හොරා, පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් ලාභයෙන් පෙනේ“ හෙළිකොප්ටරයකුත් ගනී.. පත්තරයකුත් අරඹයි

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin