Colombo Today Local News

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රාකාශ කළේය.

එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ‘කිව් ආර්’ ක්‍රමය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සදහා ලංකා බැංකුව සමග ඒකාබද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ධීවර අමාත්‍යංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාතංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසු විජේසේකර මහතා මේ උපදෙස් දුන්නේය.

Related posts

“එකට කෑවත් බෑණාට බැදුම්කර තොරතුරු කීවේ නෑ” – මාමා කොමිසමේ සාක්කි දෙයි

colombotoday

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

colombotoday

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

colombotoday

කිරි හරක් ගෙන්වීමට විදේශ රටකින් ගත් කෝටි 131ක් පුද්ගලික සමාගමකට දිලා….

colombotoday

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

colombotoday