World

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ.

ඒ අනුව, ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,709 දක්වා ඉහළ ගොස් ඇත . 

ගෙවීගිය පැය 24 ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 18,848 දෙනකු සොයාගෙන ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 104,860 දක්වා ඉහළ ගොස් ඇත .

වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර මේ වනවිට ලක්ෂය ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණි.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ නිව්ජර්සි යන ප්‍රාන්තවලටය. පසුගිය පැය 24ක කාලයේදී නිව්යෝක් ප්‍රාන්තයෙන් මරණ 144 ක් ද වොෂින්ටන් ප්‍රාන්තයෙන් මරණ 175ක් ද ලුයිසියානා ප්‍රාන්තයෙන්  මරණ 119ක් ද වාර්තා වී ඇත .

රොයිටර්

Related posts

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…

Admin

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday