Uncategorized

පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla

Spanish-tortilla

මේක ස්පාඥයේ සම්ප්‍රදායකකෑමක්. ඒ වගේම අංග සම්පූර්ණ අහාර වේලක්. අපේ ඔම්ලට් එකට ටිකක් සමාන නමුත් ඊට වඩා ටිකක් ගනකමින් වැඩියි, මෘදුයි .
මේක හදන්න ඉතාම සුළු දේවල් ටිකක් තමයි ඕන කරන්නේ. අල ළුණු වගේ. හැබැයි හැදුවට පස්සේ වෙන කිසි දෙයකට සමාන කරන්න බැහැ !

හතර දෙනෙකුට අවශ්‍ය කරන අමුද්‍රව්ව්‍ය ..

– කහපාට අර්තාපල් කිලෝ 1.
– ලොකු රටළුණු ගෙඩි 1.
– බිත්තර 4
– පර්ස්ලි (Prezzemolo)
– බදින්න තෙල්.

මුලින්ම අල සුද්දකර සේ.මී 1ක් පමණ කෑලි  වලට කපා  ගන්න. රටළුණු ගෙඩියත් ලොකුවට කපාගන්න. ලොකු තාච්චියක තෙල් රත්කර අල කැබලි දමන්න.මදගින්නේ බැදෙන්න හරින්න.
මෙය හෙමිහිට බැදුණු පසු කපාගත් රටළුණු සහ ලුණු කුඩු එක්කර කලවම් කරන්න. මද වෙලාවකින් ඉවතට ගෙන වැඩිපුර  තෙල්  ඉවත් කිරීමට පෙනේරයක විනාඩි 15-20 පමණ දමා තබන්න.
මේ අතර බිත්තර ගසා ලුණු සහ පර්ස්ලි එක්කර බැදගත් අල සමග මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය තාච්චියට දමා මදගින්නේ විනාඩි 10ක් පමණ බැදගන්න. පියන ආධාරයෙන් තොර්තිල්ලා එක හරවා අනිත් පැත්තත් බද ගන්න.
දැන් මේසයට යවන්න සුදානම්.
පර්ස්ලි කොළ ටිකක් උඩින් දමා සරසා උනුවෙන්ම කෑමට ගන්න.

Related posts

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

colombotoday

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යයි.

colombotoday

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin