Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වඩාත් සුක්ෂමව

බුද්ධි අංශ සියල්ලටම දැනුම් දි තිබෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට සහයෝගය ලබාදෙන ලෙසට යනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්  ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී පාස්කු ප්‍රහාරයට වසරක් ගතවීම සම්බන්ධයෙන් විමසීමේදී  කමල් ගුණරත්න මහතා 17 වැනිදා එලෙස පැවසුවේය.

ආරක්ෂක ලේකම්වරයා පැවසූවේ අඩපණව පැවති,නිසි පරිදි ක්‍රියාත්මත නොවු පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සූක්ෂම ආකාරයට ආරම්භ කොට ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන යාන්ත්‍රණය මේ වන විට ඉතා  හොදින් ක්‍රියාත්මක වෙනවා.ඒ යාන්ත්‍රණය අනුව තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධතා  පැවැත්වු බොහෝ දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට හැකිවුයේ යනුවෙන්ද  ගුණරත්න මහතා එහිදි ප්‍රකාශ කළේය.

ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් එහිදි පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය  රටවැසියන්ට,තුවාල ලබා අදටත් ප්‍රතිකාර ලබන පුරවැසියන්ට මම කියා සිටිනවා අපි  අපෙන් ඉටු විය යුතු යුතුකම නිවැරදිව ඉටු කොට වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත්  කිරීමට කටයුතු කරනවා යනුවෙනි.

වැඩසටහන් අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා,වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday