Colombo Today Local News

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් පාලවිය,මදුරන්කුලිය, කනමුල්ල යන ප්‍රදේශයන් වලදී පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුකරගෙන යනු ලබන බාබුල් අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට ලද තොරතුරකට අනුව (18) කල වැටලීමකදී සැකකරුවන් 05ක් සමඟ බාබුල් කිලෝ 13ට ආසන්න ප්‍රමාණයක් මුන්දලම පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇති බව කියයි.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්සැකකරුවන් වයස අවුරුදු 20,22,28,47,55 යන වයස් කාණ්ඩ  වල පසුවූවන් බවත්, මොවුන් පුත්තලම,තිල්අඩිය,පාලවිය,මදුරන්කුලිය,කනමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියයි.

අත්අඩංගුවටපත් සැකකරුවන් දැනට වසර ගණනාවක සිට ඉතා සූක්ෂම අයුරින්  මෙම නීති විරෝධි බලපත්‍ර රහිත මත්පුවක් ජාවාරමේ නිරතව සිට ඇති බවත්, පාසල් අවට රැදී සිටිමින් පාසල් ළමුන් ඉල්ලක කර මෙම මත්පුවක් බෙදා හැරීම සිදුක ඇති බවත්, දුර ගමන් සේවා බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට අලෙවි කර ඇති බවයි පොලීසිය කල මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බව කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සන්ථකයේ තිබී සොයා ගන්නා ලද මත් පුවක් ප්‍රමාණය කිලෝ 13යි ග්‍රෑම් 400ට ආසන්න ප්‍රමාණයක් බවත් අදාළ සැකකරුවන් සමූහයක් වශයෙන් එකට එක්ව මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව පරික්ෂණ පවත්වන මුන්දලම පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එච්.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත මුන්දලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක රණවීර, පොලිස් සැරයන්  (27775) ප්‍රේමසිරි, පොලිස් කොස්තාපල්වරුන්වන (14375) ගුණතිලක, (90129) කුමාර යන නිළධාරි හූ පුළුල් විමර්ශණ ආරම්භ කර තිබුනි.

කේ. ප්‍රිියංකර – පුත්තලම

Related posts

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

colombotoday

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිට

colombotoday

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday