Colombo Today Local News

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියට

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ සැසියට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සහභාගීත්වය එක් කර තිබෙනවා.

2018 සැප්තැම්බර් 25 දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 39 වන සැසිය සදහා මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛම සංවිධානය වෙත ආරාධනා ලැබී ඇත. මේ සදහා එම සංවිධානය නියෝජනය කරමින් ජේෂ්ඨ නීති උපදේශක ආචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතා සහභාගී වේ.

ආචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතා කොළඔ කොළඔ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්යයවරයෙකු වන අතර වර්තමානයේ ඔහු ජැමියිකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ නීතීය පිළිබදව මහාචාර්යවරයා ලෙස හා එහි නීති පීඨයේ පීඨාධීපතිවරයා ලෙසද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා ලෙසද කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපතිවරයා ලෙසද මීට පෙර කටයුතු කර ඇත.

මෙරට පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටලු හා පාරිභෝගික අයිතීන් පිළිබදව හඩ නගන සමාජ ක්‍රියාකාරීන්හට එල්ල කරන තර්ජන පිළිබදව ආචාර්යය ප්‍රතිභාමහානාමහේවා මහතා මෙම සමුලුවේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට නියමිතය. විශේෂයෙන්ම 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත උල්ලංඝණය කරමින් සිදු කර ඇති පත්කිරීම් පිළිබදව හා එම පනත උල්ලංඝනය කරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ද අවධාරණය කරනු ඇත.

Related posts

අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමති

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday

මකියන් තංගවේලූ කොටියා ලන්ඩන් ත‍්‍රස්ත මර්දන පොලිස් අත්අඩංගුවට

colombotoday

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

Admin

සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)

colombotoday