Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.

ඒ අනුව ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.

Related posts

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday