Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් එක කැන්සල් ?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීමේ සූදානමක් ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙම ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 07දා දක්වා ඊට එරෙහිව වාරණ නියෝගයක් පැනවීය. ඒ සමඟ අදාළ පෙත්සම් විභාගය දෙසැම්බර් 4,5,6 තෙදිනට නියම කළේය.

ඒ සඳහා පාර්ශ්වකරුවන් සූදානම් වෙමින් සිටියදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා කොළඹ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළේ හදිසියේ මැතිසබය විසුරුවා හරිනවාට තමන්ලා අකැමැති වගය. එනිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහස අත්හරින ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවද එස්.බී. සඳහන් කළේය.

මෙම පසුබිමේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා පොහොට්ටුව පාර්ශ්වයට මන්ත්‍රීන් 113ක බහුතරය ලබාගැනීමට නම් විසුරුවා හැරීමේ ගැසට්ටුව ඉවත්කළ යුතු බව පාර්ශ්ව ගණනාවක් ජනාධිපතිවරයාට දන්වා ඇති බවද සඳහන්ය.
කෙසේ හෝ මේ තත්ත්වය ගැන ලබන 04 දා නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරුඹීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදුවනු ඇතැයි කියැවේ.

දේශය

Related posts

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

බෝම්බ ප්‍රහාරයට වීඩියෝවකින් සතුට පලකළ වව්නියාවේ මව්ලවි අරාබි රටක දේශපාලන රැකවරණ ඉල්ලයි…

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin

අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

colombotoday

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

Admin