Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කෙරේ

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් මෙම හත් පුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් හා එයට පක්ෂව පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.

එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් දෙසැම්බර් 7 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නිකුත් කර තිබේ.

ආණ්ඩුව මෙම නඩුව විභාග කිරිම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටියේය.

Related posts

අත්අඩංගුවට ගන්නා කංසා වලට කරන්න යන දේ…

colombotoday

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

මට්ටකුලියේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Admin