Colombo Today Local News

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවට ඔහු අද අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය නම් කර ඇති අතර ඔවුන් අද මහාධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් මස 12 දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරුට සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

Related posts

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

colombotoday

උතුරේ නැවතත් ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුව ආරක්ෂක අංශ අනාවරණය කරයි !

colombotoday

රුහුණු කතරගම මහ දේවාලයේ පාද යාත්‍රාවේ යමින් සිටි කතක් වන අලි පහරදීමකින් මරුට

Admin

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin