Colombo Today Local News

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනී

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශනය ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද පොලීසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල එරෙහිව වෙන් වෙන්ව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 02 වන දා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කර ලෙසද රජය නියෝජ සොලිසිටර් ජනරාල් වරයාට නියෝග කර තිබේ.

Related posts

අප්‍රේල් 25ත් ඡන්දය නැහැ

Admin

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

ගොවීන්ට චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් බෙදන්නැයි, කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග..

Admin

මහ සයුරේ විස්කම් පෑ, යහපාලනය විලංගු දැමූ කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

colombotoday

මහින්ද ගෝඨටත් වඩා ආයතන වැඩිම ගණනක් තබා ගැනීමේ වාර්තාව අනුරට

Admin