ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය.
යාපනය මාටින් වීදියේ ඉලංකෙයි තමිල් අරසුකච්චි කාර්යාලයයේ පැවැති උත්සවයක දී ඔහු එලෙස කීවේය.
දෙමළ ජාතිය වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ආරම්භකයා එස් ජේ වී චෙල්වනායගම් බවත්, දැන් එම අරගලයේ ආර් සම්බන්ධන් මහතා සිටින බවත් ශිවඥානම් පැවසීය. එනමුත් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ එකම නායකයා ප්රභාකරන් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.