ArticlesColombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ශිෂ්ටත්වය අමතක වුණු සිංගප්පුරු ගිවිසුම


අද ශ්‍රී ලංකාව ඇත්තේ සංක්‍රාන්ති සමයකය. සංක්‍රාන්ති සමයක් යනු එක් යුගයක් මිය ගොස් අලුත් යුගයක් ඉපදීම සඳහා වෙර දරන මොහොතක පවතින පරිවර්තනීය කාලයයි. යුගයක් යනු හුදු දේශපාලන කණ්ඩායමක රාජ්‍ය පාලන අවධියට වඩා පුලුල් අර්ථයෙන්,  යම්කිසි අගය සමූදායක් පිළිගනිමින් ඒ ඔස්සේ යම් ජනසමාජයක් මෙහෙයවූ කාල පරාසයකැයි කිව හැකිය. එලෙස මිය යමින් තිබෙන යුගයේ ප්‍රකාශිත සහ භාවිත අගයන් අතර පරස්පරය කිසියම් කැඩපතකට ගෙන පෙන්වන තවත් වාර්තාවක් මෑතකදී ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී. ඒ සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ වාර්තාවයි. ඉතා පුළුල් ගිවිසුමක් වන සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව වාර්තාවක් කෙටි කලක් තුළ සකස් කර භාරදීමට සමත් වීම පිළිබඳව, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ විද්වතුනට අප ගේ කෘතඥතාවය පළ කළ යුතුය. 

සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ, ඒ සඳහා නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව මෙම විශේෂඥ කමිටු වාර්තාව මඟින් තහවුරු කර ඇත. ලියුම් කරුට දැනගන්නට ලැබී ඇති පරිදි, මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වෙත සිංගප්පුරු ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්වයි. නීතිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ තවත් රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතියට යටත්වයි. නමුත් එම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගන්නට මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයා, හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් කටයුතු කර නැති බව මෙම විද්වත් කමිටු වාර්තාව මඟින් පෙන්වා දී ඇත. නීතිපතිවරයා විසින් රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් කිරීම මඟින් මෙම ගිවිසුමේ නෛතික සහ භාවිත වපසරියේ පුලුල්භාවය පැහැඳිලි වේ. කෙසේ නමුත්,  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ පවා නොතකා මෙවැනි පුළුල් ගිවිසුමක් අත්සන් කිරීමට යහපාලන රජය තුළ ක්‍රියාත්මකවූ රනිල් වික්‍රමසිංහ මහතා සහ මලික් සමරවික්‍රම මහතා ඇතුළු බල ඒකාධිකාරිය ක්‍රියා කර ඇති බව මෙම වාර්තාව මඟින් හෙළිදරව් වී ඇත. මේ කාරණා අනුව සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම කැබිනට් අනුමැතියකින් තොරව, නීතිවිරෝධී ලෙස අත්සන් කරන ලද ගිවිසුමක් බව බැලූ බැල්මට පෙනීයයි. මේ ගිවිසුමට එරෙහිව වෘත්තීය සංගම් සහ එම සංගම්වල සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු 9 ක් පවරා ඇත. නිසි පරිදි කැබිනට් අනුමැතියක් නොමැතිව සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම මෙම නඩු සඳහා සෘජුවම බලපානු ඇත.

ගිවිසුම අත්සන් කර ඇත්තේ, ඒ සඳහා නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව මෙම විශේෂඥ කමිටු වාර්තාව මඟින් තහවුරු කර ඇත. ලියුම් කරුට දැනගන්නට ලැබී ඇති පරිදි, මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වෙත සිංගප්පුරු ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්වයි. නීතිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ තවත් රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතියට යටත්වයි. නමුත් එම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගන්නට මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයා, හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් කටයුතු කර නැති බව මෙම විද්වත් කමිටු වාර්තාව මඟින් පෙන්වා දී ඇත. නීතිපතිවරයා විසින් රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් කිරීම මඟින් මෙම ගිවිසුමේ නෛතික සහ භාවිත වපසරියේ පුලුල්භාවය පැහැඳිලි වේ. කෙසේ නමුත්,  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ පවා නොතකා මෙවැනි පුළුල් ගිවිසුමක් අත්සන් කිරීමට යහපාලන රජය තුළ ක්‍රියාත්මකවූ රනිල් වික්‍රමසිංහ මහතා සහ මලික් සමරවික්‍රම මහතා ඇතුළු බල ඒකාධිකාරිය ක්‍රියා කර ඇති බව මෙම වාර්තාව මඟින් හෙළිදරව් වී ඇත. මේ කාරණා අනුව සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම කැබිනට් අනුමැතියකින් තොරව, නීතිවිරෝධී ලෙස අත්සන් කරන ලද ගිවිසුමක් බව බැලූ බැල්මට පෙනීයයි. මේ ගිවිසුමට එරෙහිව වෘත්තීය සංගම් සහ එම සංගම්වල සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු 9 ක් පවරා ඇත. නිසි පරිදි කැබිනට් අනුමැතියක් නොමැතිව සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම මෙම නඩු සඳහා සෘජුවම බලපානු ඇත.

ඊට අමතරව මේ සඳහා ගෙන ගිය ක්‍රමවේදයේ අඩුපාඩු සහ අක්‍රමිකතා රැසක්ද කමිටු වාර්තාව විසින් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම ඒ සඳහා අදාළ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීම මග හැර ඇති බව පැහැඳිලිය. එපමණක් නොව, සිංගප්පුරුව සමඟ සාකච්ඡා පැවැත්වු කණ්ඩායම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වී ඇත්තේ, ඒ සඳහා නිසි අනුමැතියක් ලබා නොගෙන බවද මෙම වාර්තාව හෙළි කර ඇත.
යහපාලනය ස්ථාපිත කිරීම සඳහාම ජනවරමක් ඉල්ලා බලයට පැමිණි රජය විසින් ඉතාම මූලික මට්ටමේ ක්‍රියාකාරකම් පවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදු කිරීම ඉතා ශෝචනීය තත්වයකි. ඊළඟට අප ඉදිරියේ මතුවන ප්‍රශ්නාර්ථය වන්නේ ඔවුන් එසේ සිදු කළේ කුමන හේතුවක් නිසාද යන්නයි.


ඒ සඳහා කිසියම් අදහසක් ජනාධිපතිවරයා විසින් සිදු කළ “රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හිටියේ අන්ත ලිබරල්වාදයෙන් හිරි වැටිලා” යන ප්‍රකාශය තුළ ගැබ් වී ඇත. මේ රටේ ආර්ථිකය තමනට රිසි පරිදි හැසිරවීමට ක්‍රියාකළ එක්තරා කල්ලියක් පිළිබඳවද ජනාධිපතිවරයා හෙළි කළේය. මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය මඟින් සකස් කළ “නව වෙළඳ ප්‍රතිපත්තිය” ලෙස නම් කළ ව්‍යාජ ලියවිල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ හිරිවැටීම සඳහා ලිඛිත සාක්ෂියකි.  එම ව්‍යාජ ලියවිල්ලට කැබිනට් අනුමැතියක් ලබා ගත් බව සැළ වූ පසුව, අපද සාමාජිකත්වය දරන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් 2017 සැප්තැම්බර මස 15 දින අතිගරු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් මූලුකත්වය දරණ කැබිනට් මණ්ඩලය තුළ රට සම්පූර්ණයෙන්ම ලිබරල්කරණය දක්වා රැගෙන යන මෙවැනි ප්‍රතිපත්තියකට අනුමැතිය හිමිවීම අප මවිතයට පත්කළ කරුණක් විය. “ ලෙස සඳහන් කර ඇත්තේ මෛත්‍රිපාල සිරින්සේන මහතා නියෝජනය කළ කඳවුරේ ප්‍රතිපත්ති සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති අතර වෙනස පසක් කරමිනි. රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිපත්ති කියවන අපට හැඟෙන්නේ ඔහු ලිබරල්වාදයෙන් හිරිවැටුණු අයෙකු ලෙසය. නමුත් ඔහුගේ භාවිතය තුළ ඔහු ඇත්තටම ලිබරල්වාදියෙකුද යන කාරණය පරීක්ෂා කර බැලීම වටින්නේය.


වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ඔහු සහ මලික් සමරවික්‍රම මහතා දැක්වූ ආකල්පය පිළිබඳව ඉතාම සැකෙවින් හෝ සලකා බැලීම මේ සඳහා ඉතා වටිනා ප්‍රවේශයක් ලබා දේ. ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම සහ සිංගප්පුරු ගිවිසුමට අමතරව චීනය සහ තායිලන්තය සමඟ ද වෙළඳ ගිවිසුම්වලට එළඹීමට මෙම කල්ලිය සැළසුම් කර තිබුණේය. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල් හතරම ශ්‍රී ලංකාවට වැඩිම ද්විපාර්ෂවික වෙළඳ හිඟයන්  ඇති රටවල්ය. එනම් ශ්‍රී ලංකාව විසින් භාණ්ඩ අපනයනය කරනවාට වඩා වැඩියෙන් භාණ්ඩ ආනයනය කරන රටවල් වේ. මේ රටවල් හතර සමඟම ආනයනික භාණ්ඩවලින් වලින් 80% කම ආනයනික බදු ඉවත් කිරීමට යෝජිත වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක වූවානම් සිදුවන්නේ අපනයනයන් වැඩිවනවාට වඩා වැඩි වේගයකින් ආනයනයන් වැඩි වී වෙළඳ හිඟය දැඩි ලෙස ඉහළ යාමයි. ශ්‍රී ලංකාව දැනටත් ඇමරිකානු ඩොලර් බිලියන දහක පමණ වාර්ෂික වෙළඳ හිඟයක් වාර්තා කරන රටකි. මේ තත්වය උත්සන්න වීම නිසා ලංකාවෙන් විදේශ විනිමය පිටවීම වැඩි වී විදේශ සංචිත අවම වනු ඇත. රුපියල අවප්‍රමාණය වීම වේගවත් වනු ඇත. එක් වර්ෂයක් තුළ රටින් පිටවන මුදල් ප්‍රමාණය ඉහළයාම නිසා, මතු විය හැකි ගෙවුම් තුලන අර්බුදයන් වළක්වා ගැනීම පිණිස ජාතික සම්පත්, එනම් දීර්ඝ කාලීන ආදායම් උත්පාදන මාර්ග විකුණා දමා  කෙටි කාලීනව රට තුළට මුදල් ගෙන ඒමට සිදුවීම නිසා අනාගත ආදායම් උත්පාදන මාර්ග රටට අහිමි වේ. විදේශීය ණය ලබා ගැනීමට සිදුවේ. 


නමුත් ලිබරල්වාදය යනු මෙයද? ලිබර්වාදය තුළ සිදු කෙරෙන්නේ නිදහස් වෙළඳපලක් මත වැඩි විශ්වාසය තබා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාර විවර කිරීමයි. ඒ තුළ දේශීය ව්‍යාපාරික පැළැන්තියක් බිහිවේ. එම දේශීය ව්‍යාපාරිකයින් පිරිස ශක්තිමත් කර පෝෂණය කිරීම ලිබරල්වාදයේද අත්‍යාවශ්‍ය අංගයක් වන්නේය. බටහිර රටවල ජාතිකවාදය (Nationalism) සංකල්පය බිහිවන්නේ මේ ධනවාදී  ක්‍රමය තුළ එක් රටක් අනෙක් රටක් අභිබවා යමින් සිදුකරන්නට යෙදෙන ආර්ථික තරඟය නිසාවෙනි.  රනිල් වික්‍රමසිංහ මහතාට ජාතිකත්වය යනු ණයාට අඳුකොළ වැනිය.


එංගලන්ත අධිරාජ්‍යය පවා බිහිවන්නේ නැව් නැගී වෙනත් රටවල් කොල්ලකන්නට යන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් නිසාවෙනි. වෙළඳ නෞකාවන්ට ආරාක්ෂාව ලබා දී ධනය උත්පාදනය කිරීමට බිහිකළ ඇවන්ඩ්ගාඩ් සමාගම වැනි නිර්මාණශීලී ලාංකීය සමාගම් ඒ නව සංකල්පයන් සමඟින්ම මුහුදුබත් කරමින් රටට විදේශ විනිමය අහිමි කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළේය. රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරමින් සිටියේ දේශීය නිෂ්පාදකයා දුර්වල කරමින්, ඒ වෙනුවට පිට රටින් ගෙන්වන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳපළ සකස් කිරීමයි.


හම්බන්තොට වරාය චීනයට විකුණා දමා ලබා ගත් මුදල රැගත් විශාලනය කරන ලද වෙක් පතක් පෙන්නමින් ඔහු ජාතියට ඔච්චම් කළේය. මත්තල ගුවන් තොටුපල, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය සහ අක්කර 700,000 ක ඉඩම් ප‍්‍රමාණය ඉන්දියාවට ලබා දීමට නියමිතව තිබුණි. සිංගප්පූරුවේ ලී ක්වාන් ‍යූ සාර්ථක ලිබරල්වාදියෙක් වන්නේ වරායක් ගොඩ නැගූ නිසා මිස රනිල් වික්‍රමසිංහ මහතා මෙන් හදපු වරායකුත් විකුණා දැමීම නිසා නොවේ.   


ලිබරල්වාදී රටවල් වෙත ඇති එක් විවේචනයක් වන්නේ අන් රටවල ජාතික සම්පත් සහ ශ්‍රමය සූරාකමින් තමන්ගේ රට ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි චෝදනාවක් එල්ල කළ හැකිද? ඔහු කොල්ල කන්නට උත්සාහ කළේ කුමන රටද? ඔහු සිද්ද කළේ තමන්ගේ ගජ මිතුරකු වන විදේශිකයෙකු ශ්‍රී ලංකා මහබැංකුවට නීතිවිරෝධී ආකාරයෙන් පත් කර තමන්ගේම මවුබිම කොල්ල කෑමට නායකත්වය සැපයීම නොවේද? තමන්ගේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම නොවේද? තමන්ගේ රටේ වෙළඳපොලෙන් දේශීය නිෂ්පාදකයා ඉවත් කර ආනයනික භාණ්ඩ සහ සේවා සඳහා ඉඩහසර විවර කරදීම නොවේද? ඒ නයින් ගත් කළ රනිල් වික්‍රමසිංහ මහතා හිරිවැටී ඇත්තේ ලිබරල්වාදයෙන් යන ජනාධිපති තුමාගේ ප්‍රකාශය සමඟ අපට එකඟ විය නොහැකිය. රනිල් වික්‍රමසිංහ මහතා හිරිවැටී ඇත්තේ ලිබර්ල්වාදයෙන් නොව, විදේශිකයන්ට මේ රට පාවිච්චි කරන්න අවශ්‍ය වාතාවරණය සකස් කරන ඔහු හිරිවැටී ඇත්තේ විජාතිකයන්ගේ අණටයි.  ඔහු දිගින් දිගටම ක්‍රියාත්මක වී ඇත්තේ රට පාවා දෙන ආර්ථික ඝාතකයෙකු ලෙස මිස ලිබරල්වාදියෙකු ලෙස නොවේ. එම ඝාතන ක්‍රියාවලිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ශිෂ්ටත්වය, නීත්‍යානුකූලභාවය වැනි අද ඔහු වෙනුවෙන් භාවිතාකරන්න උත්සාහ කරන එකඳු සංකල්පයක්වත්, ඔහු විසින් තඹදොයිතුවකට මායිම් කර නොමැති බව සිංගප්පුරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම සඳහා අනුගමනය කළ ක්‍රියාදාමය හෙළිවීමත් සමඟ “විද්‍යාත්මක ලෙස” තහවුරු වී ඇත.


ලසන්ත වික්‍රමසිංහ

ලේකම් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Related posts

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය ගෙවන්න සැරසෙයි

Admin

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

colombotoday

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin