Colombo Today Local News

ප්‍රකාශයක් ලබා දෙන්න ශානි CIDයට එයි

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම් දීමක් අනුව ශානි අබේසේකර මහතා අද දිනයේ මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.

දුරකථන ඇමතුම් පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට මෙලෙස කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තීරණය කර තිබේ.

Related posts

බොර තෙල් මිල පහළ යයි

Admin

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයා ගනී

Admin

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

colombotoday

විමල් නැවතත් රිමාන්ඩ් !

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday