Colombo Today Local News

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

පළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම  නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙයි.

මේ නිසා බොහෝ සිසුන් පළමු පාසල් වාරයේ  නිසි සූදානමකින් තොර ව විභාගවලට මුහුණ දෙන බවත්, ඇතැම් සිසුන්ගේ විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක්‍රීඩා, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක්‍රීඩා කටයුතුවලින් බැහැර කරන අවස්ථා පවතින බවත් අනාවරණය වී තිබේ.

එමෙන් ම විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලක ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්යබහුල කාලවකවානුවකි.

මේ කරුණු සියල්ල සලකා බලා ඉදිරියේ දී පළමු පාසල් වාරය තුළ රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ  විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින්  එහි වෙනසක් සිදු නොකෙරෙන අතර, මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාග  නියම කර ඇති ආකාරයට පැවැත්වීමට පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

කොවිඩ් රෝගීන් වැඩි වීම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

colombotoday

නිවාස ඇමතිටත් උපාධි ගැටළුවක්?

Admin

ආර්ථික කමිටුවක් තිබෙන බව කී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශය අරගෙන

Admin

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

පාස්කු ප්‍රහාරකයෝ ඉන්නේ ඒ පැත්තේ කියලා කාදිනල් කිවුවා – කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රකාශයකින් ඒක තහවුරු වුනා. අසාද් සාලි කියයි

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday