Covid 19

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

පස්සර පොලීසියේ නිළධාරීන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

එම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයෙක් මීට දින කිහිපයකට පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණ ඇති බව අනාවරණය වීමෙන් අනතුරුවය.

පස්සර කණවරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් ලෙස ඊයේ(23) දිනයේ හඳුනාගැනුණි.

ඔහු ඊට දින කිහිපයකට ප්‍රථම පස්සර පොලීසියට පැමිණීම හේතුවෙන් පොලිස් නිළධාරීන් 5 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු සදහන් කළේය.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සෙවීමට දිවයින පුරා සාම්පල රැස් කරයි

colombotoday

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 ඉක්මවයි

colombotoday

කොරෝනා ආසානය වී සිටි විදුහල්පති පැන ගිහින්.

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday