Colombo Today Local News

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවු භූ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වු ඒවා නොවන බව භූ කම්පනමාන දත්තවලින් තහවුරු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

අදාළ කම්පන ඇති වීමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ කඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිඳ වැටීමක් යන අංශ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඉකුත් අගෝස්තු මස 29 වෙනිදා සහ අද දිනයේ පෙරවරු 7.06 ට භූ චලන තත්ත්වයක් වාර්තා වුණා. එම භූ චලන තත්ත්වයන් පල්ලේකැලේ පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ඊට අමතරව එම කම්පන මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ද ඉතා සියුම් ලෙස සටහන් වී ඇතැයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පසුගිය අගෝස්තු 29 වන දින ඇති වු කම්පනය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද ඇති වු සුළු කම්පන තත්ත්වය අඹකොටේ සහ අළුත්වත්ත යන ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් හා භූ කම්පන විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2ක් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Related posts

ආණ්ඩුවේ පිරිසකගේ අලුත් අගමැති කෙනෙක් ගේන්න බලා පොරොත්තුවක්

colombotoday

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

colombotoday

අද රාජිතගේ පටි රෝල් !

colombotoday

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

“සිරිසේන උබ දැනගනින්, රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇදලා දානවා.”[VIDEO]

colombotoday

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin