Colombo Today Local News

පල්ලියට කඩු ගෙනවිත් ඇත්තේ එජාප නාගරික මන්ත්‍රී තාජුඩීන්… මුජිබර් රහුමාන්ගේ සමීපතමයෙක්, අරමුදල් බුදු පිළිම කැඩූ මව්ලවිගේ පවුලෙන්…

කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක තිබී ඊයේ සොයාගත් කඩු ගෙනආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙකු වන තාජුඞීන් නමැත්තෙකු බව අනාවරණ වී තිබෙනවා. 

ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන්ගේ හිතවතෙකු බවයි අනාවරණ වී ඇත්තේ. මෙම කඩු චීනයෙන් ආනයනය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

ඒ සදහා මුදල් ලබාදී ඇත්තේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ඊබ‍්‍රාහිම් මවුලවි නමැත්තාගේ පුත‍්‍රයෙකු විසින් බවයි හෙළිවී ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය දේවස්ථානයක තිබී සොයා ගැණුනු කඩු ගණන 46 ක්. 

සැකකරු එවැනි කඩු 300 ක් චීනයෙන් ගෙන්වීමට මුදල් ලබා දී ඇති බවද වාර්තා වනවා.  

Related posts

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝටියක දීමනා ගෙවලා

Admin

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි

colombotoday

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

විද්‍යාත්මක ඇමති මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි

colombotoday

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday