Colombo Today Local News

පරික්ෂා කලායැයි කෝප වී සිවිල් ආරක්ෂක භටයාට පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාර ගත කෙරේ

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු රාජකාරි යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු විසින් සෝදිසි කිරීමට යාමේදී  උරණ වූ මන්ත්‍රීවරයාගේ පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදුකර තිබුණි. පහරදුන් මන්ත්‍රීවරයා සහ තවක් ආධාරකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය කියයි

අදාල පහරදීම සිදුකර ඇත්තේ පුත්තලම ප්‍රාදේශිය සභාවට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවැදී තේරීපත්වූ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ප්‍රබල ආධාරකරුවෙකු බව කියයි.

රටේ පැවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයාට පැමිණෙන පිරිස් පරික්ෂා කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර ඒ සදහා රාජකාරි කටයුතු වල අනුයුක්ත කර ඇත්තේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් බවත්, එදින අදාළ රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ප්‍රධාන දොරටුවෙන් කාර්යාලයට පිවිසි ආදාල මන්ත්‍රීවරයා සෝදිසි කිරීමට යාමේදී ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් උරණු මන්ත්‍රිවරයා සහ ආධාරකරුවා බරපතල ලෙස පහරදී ඇති බව කියයි.

පසුව දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි සිවිල් ආරක්ෂක භටයා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බනධයෙන් සැකපිට අත්අඩංගුවටපත් සැකකාර මන්ත්‍රීවරයා සහ ආධාරකරුවා (19) වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (20) වන දින කැදවීමට නියමිත හදුනා ගැනීමේ පෙරට්ටුවකට සැකකරුවන් ඉදිරිපත් කරන තුරු  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් පොලිසියට නියෝග කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුනවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශණ ආරම්භ කර තිබුණී.

පුත්තලම ප්‍රියංකර කළුපහන

Related posts

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එළියට එනවට සමහර හාමුදුරුවරුත් කැමති නෑ එයාලගේ මාකට් එක බහී කියලා කොටුවෙ හාමුදුරුවෝ කියති

colombotoday

සමාජ මාධ්‍යයේ පළ වන පුවත අසත්‍යක් – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Admin