Colombo Today Local News

පතරොම් හා හෙරොයින් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවේ

හුංගම පොලිස් වසමේ බටඅත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08)දින සවස 4.30ට පමණ නිදහස්ගම ප්‍රදේශයේ දී හුංගම පොලිස් නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 615ක් සන්තකයේ තබා ගෙන සිටි මෙම කාන්තාවන් තිදෙනා මි.මී 9 වර්ගයේ පිස්තෝලයකට යෙදිය හැකි සජීවී පතරොම් 2ක්, මැගසිනයක්, බෝට්ටු සමග සම්බන්ධ වන සැටලයිට් දුරකථනයක් හා ජංගම දුරකථන 4ක් සමග අත්අඩංගුවට පත් ව ඇත.

සැකකාරියන් තිදෙනා අවුරුදු 32, 28 හා 33 යන වයස්වල පසුවෙන බටඅත, නිදහස්ගම යන ප්‍රදේශයේ පදිංචිකාරියන් බවට අනාවරණය වී තිබේ.

සැකකාරියන් අද (09) දින අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළයයි….

colombotoday

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

හරවා යැවූ IOC බාල තෙල් නැව ත්‍රිකුණාමලයෙන් ගොඩ බෑමේ සූදානමක්.. රටේම වාහන අනතුරේ !

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday