Colombo Today Local News

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්නා ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (29) සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිපියක් යවා තිබෙනවා.

පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට ඇතුළු කිරීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කළ දැනුම් දී තිබියදී එයින් කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බව එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කල ලිපියේ සඳහන්ව ඇත.

මෙම ටින්මාළු පරිභෝජනය කිරීම මගින් පරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති වන බැවින් 1980 අංක 26 දරණ ආහාර පනත ප්‍රකාර ආහාර පිළිබද නිසි බළධාරියාවන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ අදාල පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයට ගෙන නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසයි .

Related posts

පොහොර වවුචර් පත්වල වලංගු කාලය දීර්ග කෙරේ…

Admin

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

Admin

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday