ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කල පක්ෂ නායකයින්ට අද දිනයේ පෙරවරු 8.30 සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා කල ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ රාත්‍රිෙය් ජනාධිපතිවරයා නිකුත් කල නිවේදනයත් සමග පක්ෂ නායකයින් මෙම තීරණයට එළඹ ඇති බවද හෙතෙම සදහන් කරයි.
ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බව පිළි නොගන්නා බවයි.