Colombo Today Local News

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

නුවර, තෙල්දෙණිය, දිගන ආදී ප්‍රදේශවල ඇතිවූ ගැටුම් සම්බන්ධව සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම හරහා සිංහල සමාජය තුළ යළි සැක සංකා මතුවීමේ තත්ත්වයක්‌ පැන නගින බව විචිත්‍ර ධර්ම කථික ශාස්‌ත්‍රපති පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ ජාතික පුවත්පතක් වෙත පවසා තිබෙනවා.

සිංහල බෞද්ධයන් වැරදිකර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගතයුතු සේම ඒ හා සමානවම අනෙක්‌ ආගමිකයන්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවයි භද්දිය හිමියෝ අවධාරණය කරන්නේ.

පල්ලි කැඩීමට ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා සේම පන්සල්වලට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ද අත්අඩංගුවට ගත යුතු බව උන්වහන්සේ පවසා ඇති අතර අදාළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

“නුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ව්‍යාප්ත වී ගිය ගැටුම් තත්ත්වය නවතා ගැනීමට හැකිවීම සියලු දෙනාගේ ජයග්‍රහණයක්‌. සමාජ ජාල හරහා ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ කරන අය අත්අඩංගුවට ගැනීම රජය විසින් අරඹා තිබේ. නමුත් මේ හරහා අත්අඩංගුවට ගන්නේ සිංහල තරුණයන් පමණයි යන හැඟීම තදින්ම ඇතිවෙලා තියෙනවා. වෛරී ප්‍රකාශන කළේ සිංහල තරුණයන් පමණද? මුස්‌ලිම් ජාතිකයන් එසේ කළේ නැද්ද? නීතිය සැමට සාධාරණ විය යුතුයි. සිංහල සමාජය පමණක්‌ මර්දනය කිරීමට උත්සාහ දැරීම ඉදිරියේදී බරපතල ප්‍රශ්නවලට මුල පිරීමක්‌. වෛරී ප්‍රකාශ කළ සියලු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි. සැමට සාධාරණය ඉටුවිය යුතුයි. අපි දන්නවා විවිධ ආගමික කණ්‌ඩායම් පසුගිය කාලය පුරාම වෛරී ප්‍රකාශ ගෙනගියා.

සිංහල තරුණයන් සිරකිරීමෙන් පමණක්‌ සාධාරණය ඇතිකරන්න බැහැ. එසේම සිංහල සමාජයේ තදින්ම පැතිර තිබෙන මතයක්‌ තමයි සිංහලයන්ට එක්‌ නීතියක්‌ මුස්‌ලිම් හා දෙමළ අයට තවත් නීතියක්‌ කියන එක. මෙය වහාම නිවැරදි කළ යුතුයි. එම නිසා තමයි අපි අවධාරණය කරන්නේ වැරදිවලට සම්බන්ධ සිංහලයන් වගේම ප්‍රචණ්‌ඩත්වයට සම්බන්ධවූ මුස්‌ලිම් ජාතිකයන්ද අත්අඩංගුවට ගතයුතු බව.

එසේම පසුගිය කාලය පුරාම බෞද්ධ සමාජය තුළ පැතිර ගිය සැක සංකා දුරු කිරීමත් රජයේ වගකීමයි. එසේ නැතිව බෞද්ධයන්ට පමණක්‌ වරද පැටවීම සාධාරණ නැහැ. අපි කියන්නේ නීතිය සැමට සාධාරණය විය යුතු බවයි. සිංහලයන් පමණක්‌ අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්න බැහැ.”

Related posts

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday

බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා – විරතු හිමි සමග සිදුකල විශේෂ සාකච්චාව

colombotoday

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

Admin

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday