Colombo Today Local News

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) නැමැති එක්දරු පියෙක්.

ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි කොවිඩ්- 19 වෛසරය පැතිර යාමේ අවධානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වී දිවයිනට පැමිණිමේ අපෙක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට තිබේ.

දිවයිනට පැමිණීමට ගුවන් පහසුකම් නොමැති නිසා ඉකුත් 01 වැනි දින දිවයිනට පැමිණ ඇති සුබ්‍රමණියම් ආනන්දකුමාර් නුවරඑළිය පිහිටි තරු පහේ සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර ඇත.

සුබ්‍රමණියම් ආනන්දකුමාර් හදවත් රෝගී සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබීජ ඇතුල් වීම නිසා ඉකුත් 02 වැනි දින නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇති බවයි අනාවරණය විය.

මිය ගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් අද (07) දින නුවරඑළිය නාගරික ආදාහනාගාරයේදි කොවිඩ් -19 වැළදුණු රොගියෙකු ආදාහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑළිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදු කරන්නට පියවර ගෙන ඇත.

ඉකුත් මස 31 සහ මේ මස 01වැනි දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 389 දෙනෙකු නුවරඑළිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් තුනක නිරෝධානයට යොමු කර ඇති අතර ඉන් දෙදෙනෙකු කොවිඩ් -19 වෛසරය අසාධනය වි ඇති නිසා එම රෝගීන් දෙදෙනා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබේ.

Related posts

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday

“මාධ්‍යට හොද පාඩමක් උගන්වනවා.. 10 වෙනිදාට බලාගමු” – ඇමති කිරිඇල්ල

colombotoday

අංගොඩ ලොක්කාගේ උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස නියෝග කරයි

colombotoday

එජාපයෙන් මාක් සකර්බර්ග්ට ලිපියක්…

colombotoday

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

colombotoday