Colombo Today Local News

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

වලස්මුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එම ස්ථානයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 11ක්, හිස් පතුරොම් කොපු 03ක්, පෑස්සුම් යන්ත්‍රයක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි වලස්මුල් ගල්කොලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (13)දින වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අත්අඩංගුවට ගත් ගිනි අවිවල ඡායාරූපයක් පහතින් වේ.

Related posts

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

colombotoday

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday