Colombo Today Local News

නීතිය හා සාමය ජනපති යටතේම තබා ගනී…

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතේ ම පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි වාර්තා සඳහන් කරයි.

මීට පෙර අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය පිළිබඳව වෙනම අමාත්‍යංශයක් පැවතුණ ද මෙවර එහි අභ්‍යන්තර කටයුතු යන විෂය පමණක් ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතාගේ අමත්‍යංශය යටතට පවරා ඇත.

ඒ අනුව පොලිසිය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශ විෂය පථය යටතේම ගැසට් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඔක්තෝබර් 26 වැනි දා ආණ්ඩු මාරුවට පෙර පොලිසිය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අමාත්‍යංශය යටතේ පැවතුණ නමුත් ආණ්ඩු මාරුවත් සමඟ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්කෙරිණි.

මේ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ද ජනාධිපතිවරයා යටතේම තවදුරටත් පවත්වනු ඇත.

Related posts

ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු වරාගොඩදී අත්අඩංගුවට

colombotoday

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

අද රෑ 12 සිට ෆේස්බුක් දේශපාලන දැන්වීම් ඉවතට – ‘සිල්ගත්තා වගේ ඉන්න’ මැකො කියයි

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin