Colombo Today Local News

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

මහ මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වූ ඉකුත් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ රාත්‍රි 08 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2566 ක් පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කළ බව පැෆරල් සංවිධානය පවසයි.

ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ.

මේ අතර මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 6932 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අතරින් පැමිණිලි 5759 ක් වාර්තා වි ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ද පැමිණිලි 1173 ක් ලැබී තිබේ.

Related posts

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

colombotoday

ඉන්ධන නැතිව විදුලි බලාගාර 8ක් නවතී

colombotoday

උතුරේ කොටි සැමරුමට සිවාජිලිංගම් අවසර ඉල්ලයි

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

දකුණු ඇමරිකාව වැනසූ බහුජාතික ඩෝල් සමාගම ලංකාවේ මහා පරිමාණ ඉඩම් කොල්ලයක

colombotoday