Colombo Today Local News

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයේදී වරාය ඇමති සොයුරු නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් බව පැවසෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය අංශ ප්‍රධානියාගේ කාර්යාලයට වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගගේ නියෝගයෙන් සීල් තබා මාධ්‍ය ප්‍රධානියාට එරෙහිව ආයතනික විමර්ශනයක් අරඹා ඇති බව වරාය වෘත්තීය සමිති පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු මහතාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති මොහු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අතරම, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වේ.

ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතාට පක්ෂව සිය ඡන්ද දෙක පාවිච්චි කිරීමට තීන්දුවකට එළඹ තිබිණ.

ආදී නාලන්දියකු වන තිලංග සුමතිපාල මහතාට පක්ෂව ඡන්දය දීමට ජනසතු සේවා ක්‍රිකට් සංගමය ගත් තීන්දු වෙනස් කර, නිශාන්ත රණතුංග මහතාට එම ඡන්ද දෙක ලබාදෙන්නැයි රණතුංග පාර්ශ්වයෙන් අපොන්සු මහතාට දැඩි බලපෑමක් එල්ලවී තිබු බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද, පසුගිය 03 වැනිදා පැවති ක්‍රිකට් ආයතනයේ නිළවරණයේ සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී අපොන්සු මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

Related posts

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

colombotoday

චීන දුම්වැටි එපා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්.

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday