Colombo Today Local News

නිරෝධායනය වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සඳහා තවත් දිනයක්

මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (16) හා හෙට (17)දින වල සිදුකෙරෙයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, අද පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් හෙට පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා ත් තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදුකෙරෙන බවය.

මහ මැතිවරණය ට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු පසුගිය 13 වන දින ආරම්භ විය.

ඒ අනුව අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනවල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමේ අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඳහන් කරයි.

මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු මේ තාක්දුරට සාමකාමීව පැවැති බව මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අද සහ හෙට තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු ද සිය සංවිධානය විසින් නිරික්ෂණය කරන බවය.

මේ අතර මහ මැතිවරණය අගෝස්තු මස 05 වන දින පැවැත්විමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Related posts

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

colombotoday

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා

Admin