Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දරුවකුගේ අසනීප තත්ත්වයක් නිසා රහස් පොලිසියට පැමිණීමට අද නොහැකි බව ඔහු දැනුම්දුන් බව ද එම ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

Related posts

කොළඔ සුපිරි හෝටල්වලට ගෝන මස් සැපයූ දෙදෙනෙක් කොටු

colombotoday

ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ වංචනිකයන්, දූෂිතයන්…

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin