Colombo Today Local News

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය ඇතුඑ දිවයින පුරා පිහිටි බැංකු ශාඛාවල විවිධ උත්සව රැසක් සංවිධානය කර තිබිණි.

ඒ අතර, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ නිදහස් සැමරුම් උත්සවය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණිි. මෙහිදී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදී.

සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව කි්‍රයාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවරද කි්‍රයාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිදෙකු වෙනුවෙන්ම රු 500/}ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.

දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින්් මහජන බැංකුව මෙම වැඩ පිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළගම පිහිටි මහජන බැංකුවට මෙම තෑගි සහතිකය ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මහජන බැංකු කාර්ය මණ්ඩලය බිලිඳුන් උපන් රෝහල් වෙතම ගොස්් මෙම තිළිණ එම දරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමයි.

මේ වෙනුවෙන් පැවති ප්‍රධාන උත්සවයන් පෙබරවාරි 04 (අද) දින උදෑසන බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී සහ බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි එන්.වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අලූත උපන් බිලිඳුන් වෙනුවෙන් එම දෙමාපියන් වෙත ඉසුරු උදාන තෑගි සහතික හා ත්‍යාගයන් පිරිනමන ලදී. මෙම අවස්ථාවන්ට කාසල් වීදියේ කාන්තා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ගාමිණි සෙනෙවිරත්න, ද සොයිසා කාන්තා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා, වෛද්‍ය ජයන්ත රාමනායක යන මහත්වරුන්, ප්‍රධාන හෙද නිලධාරිනි ජිවන්දර මහත්මිය ඇතුඑ රෝහල් කාර්ය මණ්ඩලයන් හා මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය ඇතුඑ කාර්ය මණ්ඩලයේ විශාල පිර්සක් ද සහභාගි වුහ

Related posts

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

colombotoday

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

colombotoday

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday

දූෂණ වංචා අඩු කරන්න, මැති ඇමති වැටුප් දීමලා ලොකු ගාණකින් ඉහළට !

colombotoday

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් ගැන සොයා බැලීමට විශේෂ පොලිස් ඒකකයක්

Admin

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin