Colombo Today Local News

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය විෂය කොටගත් වෙනම ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් 2020 ජුනි මස 02 අඟහරුවාදා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර කෙරිණ.

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ, උතුරු, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන්වහන්සේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

නැගෙනහිර පළාතට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනා ගැනීම, හඳුනාගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය, පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම, පුරාවිද්‍යාත්මක භූමි සදහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණ හඳුනා ගැනීම සහ නිශ්චිතව හා නිත්‍යානුකූලව භූමි ප්‍රදේශ වෙන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, එකී භූමි ප්‍රදේශවල සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම සහ එකී උරුමයන් ප්‍රවර්ධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම කාර්ය සාධක බලකායට පැවරේ.

Related posts

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

colombotoday

ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !

colombotoday