World

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

නැගෙනහිර චීනයේ, ෆුජියැන් පළාතේ පිහිටි තෙල් පිරිපහදුවක ගින්නක් හටගෙන තිබේ.

සිදුවීමෙන් සේවකයන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර තවත් දෙදෙනෙක් අතුරුදන්ව ඇතැයි ද සඳහන් වේ.

නඩත්තු කටයුත්තක් අතරතුර දී ගින්න හටගෙන ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත් සඳහන් වේ.

ගින්න හේතුවෙන් තෙල් පිරිපහදුව අවට වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානවලට යැවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවකයන් සියයකට වැඩි පිරිසක් යෙදවීමටත් සිදු වූ බව වාර්තා වේ.

Related posts

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 2000ක් ඉස්ලාමය අත හැර යයි.

colombotoday

ඉන්දියාවෙන් චීනයට පණිවුඩයක් | කිලෝමීටර් 5,000ක් දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි මිසයිලයක් අත්හදා බලයි

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin