World

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

2012 වසරේ පැවති ජනාධිපතිවරණයට නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා වියදම් කිරීමේ වරදට ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එරට නීතිපතිවරයා නඩු පවරයි.

හිටපු ජනාධිපති නිකොලාස් සර්කෝසි සිය ප්‍රචාරක කටයුතු සඳහා වැයකළ මුදලින් ඩොලර් මිලියන විස්සක් සැඟවීම සඳහා ඔහුගේ පක්‍ෂයේ ගිණුම් වාර්තා වංචා සහගත ලෙස වෙනස්කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව, නීතියෙන් ඉඩ දී ඇති සීමාව ඉක්මවා හිටපු ජනාධිපතිවරයා ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කර ඇති බව නීති බලධාරීහු පවසති.

මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.

කෙසේ නමුත් පස් වසරක් ප්‍රංශය පාලනය කළ ඔහු එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය.

(බීබීසී සංදේශය)

Related posts

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday