ඉඩම් ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහනුවර නගර සභාවේ ඉඩම් කාර්යාලයට ගොස් එහි කලහකාරී ලෙස හැසුරුණු බවට සැකපිට මහනුවර නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නාගරික මන්ත්රීවරුන් දෙදෙනා ඊයේ (15)දින මහනුවර නගර සභාවේ ඉඩම් කාර්යාලයට ගොස් සේවකයින්ට බලපෑම් කිරීමට උත්සහ කළ බවටත් ඉන් අනතුරුව එහිදී කලහකාරී ලෙස හැසුරුණු බවටත්, ඉඩම් කාර්යාලයේ සේවකයින් විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි.
ඉන් අනතුරුව එම නාගරික මන්ත්රීවරුන් දෙදෙනා අද (16) දින පොලීසියට කැඳවා ඇති අතර විමර්ශනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.